Lyrics
සිතක් බිඳුණු පසු
කොතෙක් කලත් ඔසු
පලක් නොවෙයි ළඳුනේ
ඉතින් තවත් කල්
රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ //
බිඳෙන බඳුන් සේ
සුරකිනු බැරිනම්
විස්වාසය සැමදා //
සිතින් දුරස් වී
ඉමු අපි දෙන්නා
දුක උහුලනු බැරිදා
සිතක් බිඳුණු පසු
කොතෙක් කලත් ඔසු
පලක් නොවෙයි ළඳුනේ
ඉතින් තවත් කල්
රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ
ඔබ මට මට ඔබ
තේරුම් ගන්නට
නොහැකී නම් කිසිදා //
මගෙම අඳුරු ලොව
තනිවෙන්නම් මා
ඔබට සැපක් වෙන දා
සිතක් බිඳුණු පසු
කොතෙක් කලත් ඔසු
පලක් නොවෙයි ළඳුනේ
ඉතින් තවත් කල්
රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ
ගායනය - සෝමසිරි මැදගෙදර
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - බන්ධුල ජයසිංහ
Song Details
- Sinhala Title
- සිතක් බිඳුණු පසු කොතෙක් කලත් ඔසු
- English Title
- sithak bidunu pasu
- Artist
- සෝමසිරි මැදගෙදර
සම
Artist
සෝමසිරි මැදගෙදර
View all songs →