හදිස්සියේ හනි හනිකට පය තබනා

hadissiye hani haniketa

Lyrics

හදිස්සියේ හනි හනිකට පය තබනා රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතනා දෑත සලා කිංකිණී නද දෙවන්නී දෑස සලා මොන මොනවද කියන්නී යටින් හොරෙන් එබිකම් කර බලන්නී ළඳේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී රෑන කිතුල් මල පිටමැද හෙලන්නී සිහින් පබළු වැල් ගෙල වට බදින්නී කොල නැවුම් සිනා දැලක් හෙලන්නී ළඳේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී

Song Details

Sinhala Title
හදිස්සියේ හනි හනිකට පය තබනා
English Title
hadissiye hani haniketa
ටඑ

Artist

ටී. එම්. ජයරත්න

View all songs →