Lyrics
සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ලං වී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම
පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවාම
ඔබම විතරයි මම පතන්නේ සසරෙ හැමදාම
ඔබව මට හරි දුර තමයි
නමුදු මගෙ සිත ඔබ ලඟයි
සොයා එන්නට මට හිතයි
සුළඟ ඔබ ගැන තතු කියයි
සුළඟ ඔබ ගැන තතු කියයි
සුන්දරයි ඔබ.....
ඔබව සිහි වී සිත හඬයි
කඳුළු නෙතු අග ඉකි ගසයි
සිතේ සිතුවිලි ඔබ ගැනයි
ඔබට මම හරි ආදරෙයි
ඔබට මම හරි ආදරෙයි
සුන්දරයි ඔබ.....
Song Details
- Sinhala Title
- සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම
- English Title
- sundarai oba nihada
- Artist
- සතිෂ් පෙරේරා
සප
Artist
සතිෂ් පෙරේරා
View all songs →