Lyrics
සොඳුරු අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇති...
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති...//
කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ලඟ ඉන්න ඇති..
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇති..
සොඳුරු අතීතයේ...
නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇති...
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඇති...
සොඳුරු අතීතයේ...
Song Details
- Sinhala Title
- සොඳුරු අතීතයේ නිමල පැතුම වී
- English Title
- soduru athithaye nimala pethuma wee
- Artist
- ටී. එම්. ජයරත්න
ටඑ
Artist
ටී. එම්. ජයරත්න
View all songs →