බඹර වගේ විසේකාරයා

babara wage wisekaraya

Lyrics

බඹර වගේ විසේකාරයා මම දෙබර වගේ ගණංකාරයා සමනළය වාගේ මම හැඩකාරයා මී මැස්ස වගේ හරි වැඩකාරයා කෝකිලයා සින්දු කියනවා වගේ රස වෑහෙන සින්දු කියනවා මොණර රජා රඟදෙන විධියට අගේ කොතනත් මම රඟදක්වනවා මම කපුට වගේ කපටිකමට නෑ හුරුවන්නේ කිරි කොකා වගේ හැම තැනදිම කැපිල පෙණෙන්නේ සැළලිහිණිය වගෙ නිහඬව ඉන්නවා නියම තැනදි කතා කරනවා උකුස්ස වගේ දුර තියාම දකිනවා අනතුරකදි මට තේරෙණවා නැහැ ගිරව වගේ නිතරම මම කතා කරන්නේ පොර කුකුළ වගේ කොතන ගියත් දිනලයි එන්නේ

Song Details

Sinhala Title
බඹර වගේ විසේකාරයා
English Title
babara wage wisekaraya
සව

Artist

සංගීත් විජේසූරිය

View all songs →

බඹර වගේ විසේකාරයා (babara wage wisekaraya) | Tediya Lyrics