සඳ තරු මල් මට දන් දුන්

sanda tharu mal

Lyrics

සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්.. හිරු තෙද වන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්.. දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ... ගණ දෙවිඳුන් මට දන් දුන් ‍ මගේ නුවණ නුඹ අරගන්.. පතිනි මවුන් මට රැක දුන් මගේ බලය නුඹ අරගන්.. දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ... සඳ තරු මල්... ඇල දොල ගං මට දන් දුන් හදේ සිසිල නුඹ අරගන්.. මහ වන විල් මට දන් දුන් හිතේ සුවඳ නුඹ අරගන්.. දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ... සඳ තරු මල්...

Song Details

Sinhala Title
සඳ තරු මල් මට දන් දුන්
English Title
sanda tharu mal
අඅ

Artist

අතුල අධිකාරී

View all songs →