Lyrics
ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා
අත ඔබේ නළලේ තියා
හදවත සපුරා පවසමි ඉඳුරා
මම ආදරෙයි කියා
මගෙ සිත සැනසී සැක බිය වැනසී
ගණඳුර පහව ගියා
මම ඔබ අඳුනා පිළිගමි ඉඳුරා
මම ආදරෙයි කියා
සතර දිගන්තේ සොඳුරු වසන්තේ
ඔය මුහුණෙහි දකිමී
ඇස පිය නොහැරා දෙනෙතෙහි සතපා
ඔබෙ රුව මම රකිමි
මුළු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි
ඔබ පමණයි ඇත්තේ
ඔබ මා ළඟනම්
ජීවිතයට වෙන කිසිවක් හිඟ නැත්තේ
Song Details
- Sinhala Title
- ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා
- English Title
- ira sanda wedala
- Artist
- එච්.ආර්. ජෝතිපාල
එජ
Artist
එච්.ආර්. ජෝතිපාල
View all songs →