Lyrics
ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් ඕන වූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....
මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙමි
පූජනීයයි උතුම් ආදරේ...
යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා
රන් සිනා පාමි පූජාසනේ...
Song Details
- Sinhala Title
- ස්නේහයේ නගරයයි
- English Title
- snehaye nagarayai
- Artist
- අමරසිරි පීරිස්
අප
Artist
අමරසිරි පීරිස්
View all songs →