Lyrics
සුළගේ පාවී ආවා ඔබ එවු ඒ ආදරේ
රහසින් සඟවා සුරකින්න මා එවු ඒ ආදරේ
දේදුනු පැහැ රන්සළු ගෙන එන්නම්
ඔබ එන මග නෙත් දල්වා ඉන්නම්
මේ දිවියේ ඔබ හැර මා නෑ පැතුවේ වෙන කිසිවක්
සංසාරේ දිගු ගමනේ ඔබ වෙනුවෙන් මා ඉන්නම් හැමදා
දුර ඈත කදුයායේ එන සීත මද සුළගේ
ඔබේ සුවද දැවටි තියේ
හිරිපොද හැඩ වර්ෂාවේ වැහි බිදු වැටෙනා තාලේ
අප හමුවු මතකය මැවේ
ආශාවේ පෙම් රැහැනින් අපි වෙලිලා ආදරේ
උණුහුම් වේ තොල්පෙති මේ හැගුම් වලින් පිරිලා සෑමදා
මේ සිත ගංඉවුරේ දේදුනු නිවෙනා යාමේ
සහසක් වු පැතුමන් මැවේ
අඩ අදුරේ විකසිතවී පෙම් හැගුමන් පිදි ඒ
මේ සොදුරු සන්දයා යාමේ
ආශාවේ පෙම් රැහැනින් අපි වෙලිලා ආදරේ
උණුහුම් වේ තොල්පෙති මේ හැගුම් වලින් පිරිලා සෑමදා
සුළගේ පාවී ආවා.......
Song Details
- Sinhala Title
- සුළගේ පාවී ආවා ඔබ එවු ඒ ආදරේ
- English Title
- sulage pawee
- Artist
- උදේශ් ඉන්දුල
උඉ
Artist
උදේශ් ඉන්දුල
View all songs →