සොඳුරු ලොවට මල් වැහැලා

soduru lowata mal

Lyrics

සොඳුරු ලොවට මල් වැහැලා තව්තිසාවෙ හද මැවිලා හැඟුම් පහන් තාරකා පෙමට පායලා // රෝස මලට හිත වැටිලා බඹරෙකු සේ මා සොයලා ඈත හිටන් ඈත හිටන් ආවදෝ ඔබ පියඹාලා මා ආදරේ පායන් හදේ මා ආදරේ පායන් හදේ ගුණ සුවඳට මත් වෙනවා හද මල් උයනක් වෙනවා සිත උතුරා සිත උතුරා ගලන පැයේ ඔබ ළං වෙනවා මා ආදරේ පායන් හදේ මා ආදරේ පායන් හදේ සොඳුරු ලොවට මල් වැහැලා තව්තිසාවෙ හද මැවිලා හැඟුම් පහන් තාරකා පෙමට පායලා පෙමට පායලා ///// ගායනය - එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක සංගීතය – ක්ලැරන්ස් විජේවර්ධන ගී පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ අපේක්ෂා චිත්‍රපටියෙන්

Song Details

Sinhala Title
සොඳුරු ලොවට මල් වැහැලා
English Title
soduru lowata mal
සඅ

Artist

සුජාතා අත්තනායක

View all songs →