මිහිකත නලවාලා

mihikatha nalawalaa

Lyrics

මිහිකත නලවාලා මග මල් ගන්වාලා පාසල වෙත යන මේ පිටිසර හෙළ ගුරු ලිය සැරදේ සුදු හෙළ සාරිය ඇඳලා හැඩ කොටැ ඉඟ වට රැළි ලෙළවා දිගු නිල් වරලස පීරා නිසි ලෙස මල් දවටා බැඳලා ගෙල වට මුතු මාලේ දෝතේ වළලු සැලේ සිරියා සපුරා පිරියා පතුරා යන සුරතල් ලීලා මිහිකත නලවාලා... ඕලු නෙළුම් ඈ නෙක මල් පිබිදී අහෝ විලේ සිරියා ජයම මලක් ඉන් නෙලා ගනියි ඕ හා හා කුමටද ඒ බාල ලියේ ඔබගේ සුහදා හට වෙද ඒ සුරතලියේ ඔබ හදවත පතුලේ පෙම් මල කා සතුදෝ මිහිකත නලවාලා...

Song Details

Sinhala Title
මිහිකත නලවාලා
English Title
mihikatha nalawalaa
සස

Artist

සුනිල් සාන්ත

View all songs →

මිහිකත නලවාලා (mihikatha nalawalaa) | Tediya Lyrics