Lyrics
පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ
රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුණු රන් සුලැඟිලි තණ්ඩිය
අත්තෙන් අත්තට මාරුවෙනා
කනේ තිබුණ රන් පුස්කොල තෝඩුව
ගුවන් තලේ උඩ නද කරනා
අම්මාට පිං ඇත මේ දුව තැනුවට
මහ මුහුදේ බැස දිය නානා
මහ මුහුදේ බැස දිය නානා
මුහුණ මුකුළු මුවරද ළඳුනේ
මගෙ මුහුණ බලන්නැති කරුණ කිමා
මුහුණ පිරූ යස සිනා මකා නුඹ
මුහුණ වසන් කල කරුණ කිමා
මුහුණ කන්න ආ රකුසෙකු නොව මම
මුහුණ බලාපන් මෙන්න මෙමා
මුහුණ බලාපන් මෙන්න මෙමා
ඉන්න හිටින්නට ගේ දොර ඇත මට
සොරබොර වැව් ඉස්මත්තෙ සොඳින්
කන්න අඳින්නට දෙන්නට හැක මට
අම්මට බය නැති වෙන්ට කියන්
දෙන්න කියන් කරකාරෙ බඳින්නට
නැකතට එන බක් මහට කලින්
නැකතට එන බක් මහට කලින්
පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ
රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුණු රන් සුලැඟිලි තණ්ඩිය
අත්තෙන් අත්තට මාරුවෙනා
අත්තෙන් අත්තට මාරුවෙනා
කනේ තිබුණ රන් පුස්කොල තෝඩුව
ගුවන් තලේ උඩ නද කරනා
අම්මාට පිං ඇත මේ දුව තැනුවට
මහ මුහුදේ බැස දිය නානා
මහ මුහුදේ බැස දිය නානා
Song Details
- Sinhala Title
- පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ
- English Title
- parata kittuwa del gaha
- Artist
- උපාලි කන්නංගර
උක
Artist
උපාලි කන්නංගර
View all songs →