ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ

loke jiwath wannata

Lyrics

ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ // මංජු... මංජු... වසන්ත සමීරෙ විමානේ උපන්නියා අනත්ත දයාව සෙනෙහේ විදින්නියා කිරිල්ලි කැදැල්ලේ කුමක්ද සදන්නියා තුරුල්ව නිදන්න තො‍ටිල්ල තනන්නියා ලෝකේ ජීවත් වන්නට........ ‍යොවන සුළගේ මල් අතු නෑමී ගියා සමනල වයසේ සිතුවිලි සැදී ගියා සියුමැලි මා සිත ඔබ වෙත ඇදී ගියා හදවත දොගොඩින් සෙනෙහස ගලා ගියා ලෝකේ ජීවත් වන්නට........

Song Details

Sinhala Title
ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ
English Title
loke jiwath wannata
කව

Artist

ක්ලැරන්ස් විජේවර්ධන

View all songs →

ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ (loke jiwath wannata) | Tediya Lyrics