ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්

adara samarum kati

Lyrics

ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින් නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ// එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ දහසක් මිණි මල් ලිය කම් පෙම පිදු වූ රන් කැටයම්// යමුනාවේ තරඟ මතින් මට පිළිබිඹු වේවා චමත්කාර අතීත සඳ යළිත් ජනිත වේවා ආදර සැමරුම් කැටි වූ... අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙලූ කඳුළු ගලා// මැදුරත කිරිගරුඬ පවුරු පවා කැළුම් දේවා සනාතන වූ පෙම් සටහන් එහි සිතුවම් වේවා ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින් නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ// එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ හෙට දින මා එනතුරු එහි නිදන්න දේවියේ ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින් නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ ගායනය - සනත් නන්දසිරි ගී පද - අජන්තා රණසිංහ

Song Details

Sinhala Title
ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
English Title
adara samarum kati
සන

Artist

සනත් නන්දසිරි

View all songs →

ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින් (adara samarum kati) | Tediya Lyrics