විකසිත පෙම් පොකුරු පියුම්

wikasitha pem pokuru

Lyrics

විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා තනිකම රජයන පාලු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබ දිවි අරණේ රුවන් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා

Song Details

Sinhala Title
විකසිත පෙම් පොකුරු පියුම්
English Title
wikasitha pem pokuru
Wඅ

Artist

W.D. අමරදේව

View all songs →