ඇගේය ඔබ දැන් ඇගේය

ageya oba dan

Lyrics

ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය මගේය එනමුත් මගේය හදවත මගේය අගේය ඔබ මට අගේය කඳුලැලි නැගේය මගේය ඔබ නම් මගේය සැමදා මගේය.. ඔබ මට ජල ධාරාවක් වගේය සීතල ජල ධාරාවක් වගේය ඒ ජල ධාරාවම දැන් ඇගේය එනමුත් ජලයේ සිසිලස මගේය ජලයේ සිසිලස මගේය.. ඇගේය ඔබ දැන්.. ඔබ මට මිණි වීණාවක් වගේය ඔබ නද මිණි වීණාවක් වගේය ඒ මිණි වීණාවම දැන් ඇගේය එනමුත් වීණා නාදය මගේය වීණා නාදය මගේය.. ඇගේය ඔබ දැන්..

Song Details

Sinhala Title
ඇගේය ඔබ දැන් ඇගේය
English Title
ageya oba dan
දප

Artist

දීපිකා ප්‍රියදර්ශනී

View all songs →