ආලකමන්දා මාලක පන්නා

alakamanda malaka panna

Lyrics

ආලකමන්දා මාලක පන්නා මෝහන දෑසින් පාලා නුරා පා නුරා පාලා නුරා පා නුරා මා කැඳවනවද සුරතලියේ දහසක් නොනිදා සිටියත් මුර ලා සැඟවී එනවද කාටත් හොරා හොරා කාටත් හොරා හොරා මා හා යන්නට හඳ පානේ ඇසුවෙම් වරුණා දැකුමට ආවා බෝ දුර ගෙවා දුර ගෙවා බෝ දුර ගෙවා දුර ගෙවා කෝ මට මොනවද දෙන්නේ ඇසු දුටු පමණට සිහි මොළ සිඳුණද සීගිරි පුරේ ගිරි පුරේ සීගිරි පුරේ ගිරි පුරේ ලියවිලි බිය හඳුණන්නේ ආලකමන්දා මාලක පන්නා මෝහන දෑසින් පාලා නුරා පා නුරා පාලා නුරා පා නුරා මා කැඳවනවද සුරතලියේ මින් පෙර නොදුටුව නූතන නගරෙට හා හා පුරා හා පුරා හා හා පුරා හා පුරා කැන්දන් යන්නම් ළඳුණේ පබ නොබඳිනු මැන අහසට මාළිග මා නම් නොවේ මා නොවේ මා නම් නොවේ මා නොවේ නිරිඳුට පිටුපා යන්නේ ආලකමන්දා මාලක පන්නා මෝහන දෑසින් පාලා නුරා පා නුරා පාලා නුරා පා නුරා මා කැඳවනවද සුරතලියේ දහසක් නොනිදා සිටියත් මුර ලා සැඟවී එනවද කාටත් හොරා හොරා කාටත් හොරා හොරා මා හා යන්නට හඳ පානේ

Song Details

Sinhala Title
ආලකමන්දා මාලක පන්නා
English Title
alakamanda malaka panna
සප

Artist

සුරේන්ද්‍ර පෙරේරා

View all songs →

ආලකමන්දා මාලක පන්නා (alakamanda malaka panna) | Tediya Lyrics