Lyrics
අතගැලි බැදුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
අන්සතු ලදකි මෙමන්
ඔබ ලග ඉන්නට ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
ඔබ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
අන්සතු ලදකි මෙමන්
සිත සිත ඔබ ගැන දින දින ලතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුනේ ඇයි අප ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
අන්සතු ලදකි මෙමන්
සිතු පැතු හැමදේ නෑ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වෙනු තුරු යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබෝවන්
සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
අන්සතු ලදකි මෙමන්
Song Details
- Sinhala Title
- අතගැලි බැදුනේ ඇයි මේ විලසින්
- English Title
- athagili badune ai me
- Artist
- ඉන්ද්‍රාණි පෙරේරා
ඉප
Artist
ඉන්ද්‍රාණි පෙරේරා
View all songs →