මල් පිට මල් හැලෙන

mal pita mal

Lyrics

මල් පිට මල් හැලෙන දිගු මාවතේ පිය මත පිය තබමින් හිනැහෙන නුබේ ඉගි නළුවට වශි වී අත්තල නගයි තුරුපත් පවා.. දිය පිට දියරැලි නගන ගං දියේ සැඩ රළ මතින් ඔරුවක නැගි එතෙරට යනු දැක ඔබයි මමයි සැඩ නල පවා හමන හැටි පුදුමයි මල් පිට මල්… වැහි පිට වැහි හැලෙන රාත්‍රියේ උණුහුම් වෙමින් තුරුලත වෙලී මුදු රස විදින සඳ ඔබයි මමයි හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි මල් පිට මල්…

Song Details

Sinhala Title
මල් පිට මල් හැලෙන
English Title
mal pita mal
අප

Artist

අමල් පෙරේරා

View all songs →

මල් පිට මල් හැලෙන (mal pita mal) | Tediya Lyrics