Lyrics
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී
ඊයේ ගතවිය හෙට පැමිණී නැත
අද පමණයි ඇත්තේ
සඳ බැස යාවිද ඉරු නැග ඒවිද
එය ස්ථිර නැත්තේ
සිතෙහි සතුට නැත සදහට පවතින්නේ
ලැබුණු තැනදි ඇයි සිතමින් ළතවෙන්නේ
රන්වන් පැහැයෙන් රහසින් අමතන
මීවිත අතට ගමු
මල් මදිරාවේ පෙම් සිළිලාරෙ
රසවිද ඔකඳ වෙමු
පියා සලාගෙන කාලය පියඹනවා
පමා වුනෝතින් අප මග තනිවෙනවා
අඬමින් ඉපදී අඬමින් පසු වී
අඬමින් අප යන්නේ
එහෙනම් චුට්ටක් විනෝද වෙමු අපි
ඇයි බල බල ඉන්නේ
පළ නැත අවුරුදු සියයක් සුසුම් හෙලා
දවසක් ජීවත් වෙමු අපි උදම් වෙලා
Song Details
- Sinhala Title
- මල් යහනාවකි ලෝකේ
- English Title
- mal yahanawaki loke
- Artist
- එම්. එස්. ප්‍රනාන්දු
එඑ
Artist
එම්. එස්. ප්‍රනාන්දු
View all songs →