විසේකාර අරුමැත්තී

wisekara arumaththi

Lyrics

විසේකාර අරුමැත්තී නෙතින් කතා පවසන්නී සුමුදු වදන් තෙපලන්නී ගමේ පුංචි හැඩකාරී හිතේ සතුට මාගේ ඔබමයි ඔය මුහුණට ලොබ බැන්දේ ගයන ගීය මාගේ සැමදා ඔයාටමයි මගේ කෙල්ලේ විසේකාර අරුමැත්ති නෙතට හොරා පැනයන්නි කෝල වදන් මුමුනන්න මගේ පුංචි හැඩකාරී අරුමේ හීන බැඳුනු දා නියරේ පාද පැටලුනා හදෙහි ගැස්ම වැඩි වුනා මාගේ ආදරයේ හීනේ නැකත් ලියුනු දා ඇඹුලේ රසය වැඩි වුනා සතුටේ කඳුළු ඉතිරුනා මගේ ජීවිතයේ පෑයූ හිරු සේ ඔබ නිතිනා දිවියේ සොඳුරුම තැන හිඳුනා ගොයමේ අරුමය කිරි වදිනාමාගේ ආදරේ විසේකාර අරුමැත්තී..... අරුමේ හීන බැඳුනු දා.... විසේකාර අරුමැත්තී......

Song Details

Sinhala Title
විසේකාර අරුමැත්තී
English Title
wisekara arumaththi
රල

Artist

රනිදු ලංකාගේ

View all songs →

විසේකාර අරුමැත්තී (wisekara arumaththi) | Tediya Lyrics