සිතින් විතරක් පෙම් කරන්නම්

sithin witharak

Lyrics

සිතින් විතරක්‌ පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ නිසල නෙතින් ඔබ මදෙස බලා හිදී දෙතොල් ඔබගේ මදහසින් සැරසේ දෙනෙත් ඔබවෙත පාකරනු බෑ දෙතොල් සිනහා මවනු මට බෑ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ සසල උනත් මගේ සිතුවිලි ඔබ ලග නිසල කරන් මම ඉන්නම් සැම දින කාත් කවුරුවත් නොමැති මා හට ඔබත් අහිමිව ගියපු අරුමය අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

Song Details

Sinhala Title
සිතින් විතරක් පෙම් කරන්නම්
English Title
sithin witharak
චව

Artist

චාමර වීරසිංහ

View all songs →