රෝස මලෙක කටු ඇණුනා

rosa malaka katu

Lyrics

රෝස මලෙක කටු ඇණුනා හද පතුලෙන් ලේ ගැලුවා මගේ පෙති මත ලේ හැලුනා මල රතු පාටින් දිලුනා... රෝස මලට නෑ දැනුනේ මලේ සිනා රැවු නැගුනේ... රෝස මලෙක කටු ඇණුනා නෙතගින් කඳුලක් වැටුනා මල් පෙති මත එය රැඳුනා පිණි බිඳුවක් වි දුලුනා... රෝස මලට නෑ දැනුනේ මලේ සිනා රැවු නැගුනේ... හිරු අවරට ගොස් දිලුනා රෝස මලේ පෙති හැළුනා දුටු හදවත දුක පිරුනා මල මත පරවී වැටුනා... රෝස මලට නෑ දැනුනේ හදවත පෙම් කල අරුමේ...//

Song Details

Sinhala Title
රෝස මලෙක කටු ඇණුනා
English Title
rosa malaka katu
එජ

Artist

එඩ්වඩ් ජයකොඩි

View all songs →

රෝස මලෙක කටු ඇණුනා (rosa malaka katu) | Tediya Lyrics