Lyrics
අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනෙක
අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න
නුඹ නැතිදාක මේ ජීවන මග යන්න
මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න
මුහුකුරු සෙනෙහසින් හද සරසන දිවිය
පෙම් ලොව දුටුව නුඹ දැයි සිතෙනා තරම
රිදුනත් නුඹට හසරැල් පුදලා මෙමට
මුව මත ඇඳෙන නුඹෙ පෙම්වත් බව අරුම
පැතුවත් තනිව නික්මෙන්නට නුඹට පෙර
මම නැති දාක නපුරක් නුඹ හට වේද
තුන් සිත දැවී හළුවෙයි එය සිතන සඳ
හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය
Song Details
- Sinhala Title
- අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනෙක
- English Title
- awasan husma gilihena
- Artist
- ක්‍රිෂාන්ත එරන්දක
කඑ
Artist
ක්‍රිෂාන්ත එරන්දක
View all songs →