ළිහිණින් රෑන පියා සලන්නේ

lihinin rena piyaa

Lyrics

ළිහිණින් රෑන පියා සලන්නේ මන්දාරම් වැහි පොද වැටෙන්නේ රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ ළිහිණින් රෑන පියා සලන්නේ මන්දාරම් වැහි පොද වැටෙන්නේ ගග දිය හඬන්නේ විහඟුන් සිතන්නේ නුඹ කොතැනකද කියලා නුඹ කොතැනකද කියලා පෙර සේ මා සොයාලා මහදේ ගිණි නිවාලා ගමට එන්න ඇවිත් යන්න රත්තරං මට හිමි මනාළී පිටගම් ගියාවේ විරසක නොවෙමු කියලා විරසක නොවෙමු කියලා සංසාරේ කොහේ හෝ ඉපදී මුණ ගැහීලා වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරං

Song Details

Sinhala Title
ළිහිණින් රෑන පියා සලන්නේ
English Title
lihinin rena piyaa
පස

Artist

ප්‍රියා සූරියසේන

View all songs →