සුළඟක් වෙලා ඔබ සොය එන්න ඕනේ

sulagak wela oba

Lyrics

සුළඟක් වෙලා ඔබ සොය එන්න ඕනේ සෙවනැල්ල වාගේ ඔබ ළඟින් ඉන්න ඕනේ හමු වූ දිනේ හිත බැඳිලා සෙනේ මුලු ජිවිතේ ඔබටමයි අාදරේ සිත් ගත් ළඳේ ඔබ ළඟින් ඉන්න ඕනේ සුළඟක් වෙලා ඔබ සොය එන්න ඕනේ ඔබ මාද කීවා ගං ඉවුරේ දැවටී මා ගතේ තුරු වදුලෙ හැංගී සිප ගද්දි දැණුනා මට සුවේ සිසිල දෙන මේ නදී තෙරේ තුරුලු වුණු මාගේ හංසියේ හැමදාම මේ ලෙසින් බැඳි හිඳිමු යැයි කීව කුමරියේ ඔබ නේද දන්නේ තාම එ්රහස දන්නේ ඔබමයි සොයන්නේ සෑමදා මං පතන්නේ පෙර සේම අාවා මං සෙව්වා ඔබ නෑ ගං තෙරේ ගලන දිය වාගේ ළඟ නොරැඳී කොහෙදෝ ඔබ ගියේ දිය සුළිය කුරීරූ වූ ලෙසේ අැයිද ඔබ මාව හැඬවුවේ හඬමි මම මේ නදී  තෙරේ අැයිද ඔබ මා දමා ගියේ ඔබමයි සොයන්නේ තාම එ් රුව සොයන්නේ සුළඟක් වෙලා සෑමදා මං සොයන්නේ

Song Details

Sinhala Title
සුළඟක් වෙලා ඔබ සොය එන්න ඕනේ
English Title
sulagak wela oba
ශම

Artist

ශිහාන් මිහිරංග

View all songs →

සුළඟක් වෙලා ඔබ සොය එන්න ඕනේ (sulagak wela oba) | Tediya Lyrics