බිම්බරක් සෙනග ගැවසුණු

bimbarak senaga gewasunu

Lyrics

බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වට කළේ මනරම් මාළිගාව කෝ ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇළලුණ වෘක්ෂ දේවතාවුන් බිම වැටී පණ ගසයි මිනී මල් පිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු සතර රියන් කඩ අහිමිව විලාපය නඟයි විලාපය නඟයි කැලෑ මල් පිපී රතු තොල්වලින් කෑ ගසා ඉල්ලන ජාතියේ නිධානය රන් රුවන් කරඩු කොයි වෑකන්ද කඩා බිම් කටු කම්බියෙන් බෙදා මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමවු කඩුව බිම දමවු

Song Details

Sinhala Title
බිම්බරක් සෙනග ගැවසුණු
English Title
bimbarak senaga gewasunu
ගක

Artist

ගුණදාස කපුගේ

View all songs →

බිම්බරක් සෙනග ගැවසුණු (bimbarak senaga gewasunu) | Tediya Lyrics