සිරියහනේ ලණු ඉහිරී

siri yahane lanu

Lyrics

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ.. යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ... ස‍ඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින් නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා ගිහින් යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ.. යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ... සිරියහනේ... යහන තලා සැප විඳිනා පල දී නැතු‍වා පෙර පින් මාල වළලු නොතින් අයට අප අමතක වෙලා ගිහින් යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ.. යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ... සිරියහනේ...

Song Details

Sinhala Title
සිරියහනේ ලණු ඉහිරී
English Title
siri yahane lanu
එජ

Artist

එඩ්වඩ් ජයකොඩි

View all songs →