නිසසල හදවත සසලව කැළඹෙයි

nisasala hadawatha

Lyrics

නිසසල හදවත සසලව කැළඹෙයි ගත සිත අවිවේකයි සසිකාමිණියේ මටම නොතේරෙන එකම රහස මේකයි දහසක්‌ දෙන මැද රසතැන් මුසුවෙන ගීතනු ලියැවෙනවා මියුලැස්‌ පරදන ඔබේ ඇස්‌ අභියස මගෙ දිව ගොත වෙනවා තෙරපෙන සිතුවිලි පටලැවි බිඳි බිඳි මුනිවත ගිලිහෙන්නේ එහි නැත අරුතක්‌ වදන් වැලක්‌ මිස ඇයි මා ගොළුවෙන්නෙ සැතපෙන යාමෙදි යටිහිත අවදිව ඔබ සිහිගංවනවා කුටියෙහි සරතැස රැවැති විමන් ලෙස හසරැලි නංවනවා දෙසවන් සනහන ඒ ලෙංගතු හඞ දෙසවන් වෙත එද්දෙන් දෙනයන කළ පින් දෙනයන පිනවන ඔවු මට පලදෙද්දෙන්

Song Details

Sinhala Title
නිසසල හදවත සසලව කැළඹෙයි
English Title
nisasala hadawatha
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →