Lyrics
කිවුටිකිරා මුව තවරන මුවැත්තී
බෝවිටියා පාට මුවින් හොඳ හසනන මුවැත්තී
රනේ රුවට වාත්තුවෙන් කළ රූ ඇති සිඟිත්තී
බලාගෙනයි යන එන මඟ අඳුර වැඩි සිතැත්තී
හැන්දෑවට පෙම් බඹරු බඹයි රතු කර ගත් නුරා නෙතින්
නිල් අඳුරට හිත නලියයි තුරුලුවෙන්න සිහින අරන්
බලාගෙනයි මුවැත්තී කිවුටරියේ පාඩම් හෙම
අමතක වෙයි සිතැත්තී.....
කිවුටිකිරා මුව තවරන........
නින්දාවට අඟ හිඟකම් එයි පෑලදොරින් ගෙට ගොඩවෙයි
නිල් තරු මල් හීන රටට නුඹ ගෙන යයි රුවැත්තී
බලාගෙනයි සිඟිත්ති අකුරට යන හිත බාලෙදි
හොරා ගනි මුවැත්තී......
කිවුටිකිරා මුව තවරන.......
Song Details
- Sinhala Title
- කිවුටිකිරා මුව තවරන
- English Title
- kiwutikira muwa
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →