Lyrics
ලියන්නට පෙම් හසුනක්
ඔබේ හිත ගන්න
උපන් සහසක් හැඟුමන්
ලියා තැබුවා මං..ලියා තැබුවා මං
හිතේ පූදින පෙම් මල්
ඔබට පුද දෙන්න
වසන්තය යලි එනකල්
බලන් හිටියා මං.. බලන් හිටියා මං
ආදරේ සුන්දර තැන්
සියුම් ලෙස විඳ ගන්න
ඔබට බැරිනම් මෙතුවක්
ආදරේ පිළි ගන්න
දැනෙන මේ පෙම් හැඟුමන්
පවසාවි විඳවනා තරම්
පවසාවි විඳවනා තරම්
ලියන්නට පෙම් හසුනක්
ඔබේ හිත ගන්න
උපන් සහසක් හැඟුමන්
ලියා තැබුවා මං..ලියා තැබුවා මං
ජීවිතය ලැබු අබිමන්
යලිත් බොඳ කර ලන්න
පාරාජිතවු ප්‍රේමෙන්
බැහැ තවත් ඉවසන්න
ගෙවන මේ දුක් කඳනම්
ඔබ තාම දන්නේ නැතිද
ඔබ තාම දන්නේ නැතිද
ලියන්නට පෙම් හසුනක්
ඔබේ හිත ගන්න
උපන් සහසක් හැඟුමන්
ලියා තැබුවා මං..ලියා තැබුවා මං
හිතේ පූදින පෙම් මල්
ඔබට පුද දෙන්න
වසන්තය යලි එනකල්
බලන් හිටියා මං.. බලන් හිටියා මං
Song Details
- Sinhala Title
- ලියන්නට පෙම් හසුනක්
- English Title
- liyannata pem hasunak
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →