Lyrics
තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත
මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්
එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්
පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම්
කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ
කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ
ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ
Song Details
- Sinhala Title
- තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත
- English Title
- tharu ath akurin liya
- Artist
- වික්ටර් රත්නායක
වර
Artist
වික්ටර් රත්නායක
View all songs →