Lyrics
ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස
වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි
නොකිවූ රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවඳ තවමත් මා සිතට ඇනෙයි
ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
Song Details
- Sinhala Title
- ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
- English Title
- oba maa samaga athinatha
- Artist
- W.D. අමරදේව
Wඅ
Artist
W.D. අමරදේව
View all songs →