පලංචියේ ලී ඉරුවේ අපි එකට

palanchiye lee iruwe

Lyrics

පලංචියේ ලී ඉරුවේ අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට විරසක වී රුපුන් ලෙස යුද වදින්නද කුළුදුල් පෙම මෙයයි ඉන් අත් ‍මිදෙන්නද.. පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද.. හොදහිත නු‍ඹෙ තරම් ලොවකින් ලබන්නද.. පලංචියේ...// දොඩමලු කතා නැහැ අද වාඩිය හෙවනේ නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ.. හොර රහසින්ම එක සුවඳක් පැතු පවනේ නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ... පලංචියේ...//

Song Details

Sinhala Title
පලංචියේ ලී ඉරුවේ අපි එකට
English Title
palanchiye lee iruwe
එජ

Artist

එඩ්වඩ් ජයකොඩි

View all songs →