සයුර බලා බඳ ලෙලවා

sayura bala

Lyrics

සයුර බලා බඳ ලෙලවා ඉවුරු තලා ගලා ගියා මාතර ගං කොමලි නිල්වලා මෙතර සිටිය අය කැඳවා මරු තුරුලට අරං ගියා මුළු සිරිලක දුකෙහි ගිල්වලා වෙසක් සිරි නරඹන්නට මාතර පුරවරය වෙතට නොයෙක් දෙසින් සෙනග පැමිනුනා නිල්වලා ගඟ ඔස්සේ බෝට්ටුවට නැගි සතොසේ ‍ සමහරෙකුට යන්නට හිතුනා ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි යළි නොම එන්නට ගිය ගමනයි දිය රකුසයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් බිලි ගත්තයි බෝට්ටුවට ගොඩ වන්නේ සතුටින් ඉපිලෙන්නේ වේගයෙන් දියඹට ඇදුනේ අත්තක බෝට්ටුව හැපුනේ නොදැනිම ජලයේ ගිලුනේ ඉරණම සැමගේම විසඳුනේ වෙසක් සඳ නැග එද්දි මළ කඳන් පාවෙද්දි නෑදෑ හිතවතුන් වැළපුනේ හද සෝකෙන් ලත වෙද්දි නෙත් කදුලින් බර වෙද්දි මළ මිනි ගොඩට ගෙනෙන්නේ ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි යළි නොම එන්නට ගිය ගමනයි දිය රකුසයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් බිලි ගත්තයි පිහිනන්නට බැරුව නියා පෙම්වතා ගිලි ගියා පෙම්වතී ලොවේ තනිවුනා කරුමය මෙලෙස කියා අන්තිම ගමන ගියා මව්පියො හිතවතුන් වැළපුනා ඒ සිදුවු විපත අසා රුහුණම දු‍කෙන් වසා දින ගණනක් දුක පල කෙරුවා අහසට දෑතම ඔසවා දෙවියන් යැද කීවා මෙවැනි විපත් යලි නොමවේවා ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි යළි නොම එන්නට ගිය ගමනයි දිය රකුසයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් බිලි ගත්තයි

Song Details

Sinhala Title
සයුර බලා බඳ ලෙලවා
English Title
sayura bala
ඇජ

Artist

ඇන්ටන් ජෝන්ස්

View all songs →