Lyrics
ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ
මොකක් කියලාද දන්නෑ
එහෙ ගියෙත් නෑනේ
පහළ කුඹුරේ නිල් ගොයම් දැන්
හරිම සරුසාරයි
වැසි වැටී වැව් ළිං පිරිලා
හරිම සිරියාවයි
තවත් ආරංචි ගොඩයි
ලියන්නට ලැජ්ජයි
ගෙදර අය සතුටින් සිටින්නේ
මල්ලි දැකගන්නයි
කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ
වැඩත් වැඩි වෙන්නයි
ළඟදි එනවා නම් හොඳයි
නිවාඩුව දැන් දැන් ළඟයි
Song Details
- Sinhala Title
- ගමෙන් ලියුමක් ඇවිල්ලා
- English Title
- gamen liyumak
- Artist
- ක්ලැරන්ස් විජේවර්ධන
කව
Artist
ක්ලැරන්ස් විජේවර්ධන
View all songs →