අඳුර බිඳින්නට රැයක් දවාලු

adura bidinnata reyak

Lyrics

අඳුර බිඳින්නට රැයක් දවාලු ලන්තෑරුම් නිවලා තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර හිරු තව දවසක් ගෙනැවිල්ලා මතකය නම් වූ මළ පොත පෙරලා මළගිය ඊයේ සිහිපත් කළ මැන පැතූ පැතුම් අත් මිට මොළවාගත් දෑතෙහි දසැඟිලි දිග හැරලනු මැන එහි මොනවද ඇත්තේ කිසිත් නැත හිස් බවෙකිය ඇත්තේ සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද යෞවන විය පියවර තබනා සඳ හිස්වන පද විත සපුරා ගන්නට මියැසි විරාමය යළි පැමිණී ඇත අරුමෙකි පැවසෙන්නේ එපමනයි පිළිසරණය වන්නේ

Song Details

Sinhala Title
අඳුර බිඳින්නට රැයක් දවාලු
English Title
adura bidinnata reyak
වර

Artist

වික්ටර් රත්නායක

View all songs →

අඳුර බිඳින්නට රැයක් දවාලු (adura bidinnata reyak) | Tediya Lyrics