Lyrics
දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න ලංවී ලඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ
රෑ පිණි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ
සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
දුක් දොරකඩින් හෙට දිනේ
කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරි තලා
පෑතුන් සඳක් නිසරු අහසේ දිලේවා
කටුවැට උඩින් පාවෙලා
Song Details
- Sinhala Title
- දොඹ මල් කැලෑවේ
- English Title
- doba mal kelewe
- Artist
- ගුණදාස කපුගේ
ගක
Artist
ගුණදාස කපුගේ
View all songs →