ඇය යන්න ගියා මැකිලා

aya yanna giya

Lyrics

ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා පිනි කඳුළක් මල් පෙති අග තවරා මීදුම් සළුවෙන් මුහුණ වසා නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ සඳඑළියේ මං පෙත පාදා රහසක් සඟවා ගොළු වූ හදකින් යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා යළි කවදාවත් හමු නොවනා බව මඳ පවනක් හිස අතගා කීවද අදහා ගන්නට නොහැකිය කිසිදින ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර ඇය යන්න ගියා මැකිලා පිනි කඳුළක් මල් පෙති අග තවරා මීදුම් සළුවෙන් මූණ වසා

Song Details

Sinhala Title
ඇය යන්න ගියා මැකිලා
English Title
aya yanna giya
අප

Artist

අමරසිරි පීරිස්

View all songs →

ඇය යන්න ගියා මැකිලා (aya yanna giya) | Tediya Lyrics