නොපැතූ අවසානයේ

nopathu awasanaye

Lyrics

නොපැතූ අවසානයේ නතර වෙලා ඉන්නේ ඔබෙම වෙලා ඉන්න කියා මුලදී පැවසූ ඔබ නේදෝ මගදී අද මා හැරයන්නේ ප්‍රේමයෙ හිස්තැන් පිරෙන්නෙ නෑ ආයේ ළපටි කඳුළු කැටි තාම වැටෙනවා දබර කරන මතකෙන් ඔබත් කැටිව මා ගිය හැටි සිහිවෙයි මදටි වැටෙන යායෙන් ඇයි කපටිකමක් කළේ මගෙ ප්‍රේමයෙ අඩුපාඩුව පෙන්වන්න අනේ සොඳුරු මතක පිටු ගාන මතක නෑ අපෙ පෙම් සඟරාවේ අඳුරු වෙලා අද අකුරු පැටලිලා තේරුමක් නෑනේ ඔබ නපුරු උනා සඳේ මගෙ ප්‍රේමයෙ අඩුපාඩුව පෙන්වන්න අනේ

Song Details

Sinhala Title
නොපැතූ අවසානයේ
English Title
nopathu awasanaye
උම

Artist

උදේශ් මනොජ්

View all songs →