Lyrics
එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවනැළි පැටලෙන්නයි
සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි..//
වැලේ පිපුණු මල නොවේ වැලට බර
බිඟුන් සරාවී බැලුම් හෙලා
හිතේ රැඳුණු පෙම් නොම දෙන් රටකට..//
මගේ ලොවින් පිට නොයන් පලා..//
එකම මගක..
මගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව
අගින් එබේවී හැඟුම් මවා
ඔබේ පිනට මතු මගේ ගෙපැල ළඟ..//
කුසුම් පිපේවා පවන් සලා..//
එකම මගක..
Song Details
- Sinhala Title
- එකම මගක පියවර මැන යන්නයි
- English Title
- ekama magaka piyawara
- Artist
- පුන්සිරි සොයිසා
පස
Artist
පුන්සිරි සොයිසා
View all songs →