Lyrics
නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කිව්වා
දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කිව්වා
මා ... ආ ... ආදර මගේ අම්මා
මා ... ආ ... ආදර අම්මා
ඇගේ ආදර ලේ කිරි මම රස කර කර බිව්වා
මගේ ලෝකය,මගේ විශ්වය ගෙදර බුදුන් අම්මා
මා ... ආ ... ආදර මගේ අම්මා
මා ... ආ ... ආදර අම්මා
කඳුළු බිංදු හංඟා මට සුර සැප දුන්නා
රස මසවුළු මට දීලා ඇය නොකාම උන්නා
දරු සෙනෙහස හින්දා අපමණ දුක් වින්දා
දුක් කරදර ඇය විඳගෙන මට සුවයම දුන්නා
මා ... ආ ... ආදර මගේ අම්මා
යන එන තැන විමසා මා පසු පස උන්නා
හිත රිදුණම හිස අත ගා දුක් ගින්දර නිව්වා
නිවැරදි මඟ පෙන්නා ගුරුහරුකම් දුන්නා
ඔබට තියෙන ණය ගෙවන්න සසරම මදි අම්මා
මා ... ආ ... ආදර මගේ අම්මා
නපුරු වෙන්න එපා ...
Song Details
- Sinhala Title
- නපුරු වෙන්න එපා කියලා
- English Title
- napuru wenna epa
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →