ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්

oba dannawanam eka

Lyrics

ඔබ දන්නවනම් එක කඳුළු බිඳක් හිත යටට වෙලා දුක් විඳින තරම් ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත් යලි ඔබේ පයට පෑගෙනවානම් එක මලක් තනන්නට රුවට රුවින් ගහ වැල දුක් ගින්දර විඳින තරම් ඒ පිපුනු මලත් කළු දෙබරු ඇවිත් යලි ඔබේ පයට පෑගෙනවානම් දස මසට වඩා පුරනා පෙරුමන් ලොව හදන වඩන මව් වරුනි උතුම් මට කියා දෙන්න ලොව ඇතිද ඉතින් වෙන අරුතක් මේ ජීවිතය තරම්

Song Details

Sinhala Title
ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්
English Title
oba dannawanam eka
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →