කවියකට පද සොයන

kawiyakata pada soyana

Lyrics

කවියකට පද සොයන කවිකාර සිත අතර හැඩකාර ඔය දෑස දඟකාරකම් කරයි කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට ගහ කොළද මද නලද නුඹ හට කවි බඳියි... පින්න පිරි තණ පතක් අන්දමන්දව බලයි පුංචි සුදු පා පොඩි තණ පලස සිපගනී // කවියකට.......... සුළඟ ඉඟි බිඟි කරයි කෙහෙ‍රැල්ල දඟ කරයි හිරු කිරණ හොරෙන් මිදී සුදු මුවට හැඩ දමයි // කවියකට...........

Song Details

Sinhala Title
කවියකට පද සොයන
English Title
kawiyakata pada soyana
රප

Artist

රොෂාන් ප්‍රනාන්දු

View all songs →