ආත්ම ගානක්

athma ganak

Lyrics

ඇසි පියවිල්ලක් ගානේ මැවුනා ඔය රෑපේ රිදෙනා හිත ආයේ පාරා ඔබ රැවටිල්ලක් දෛවෙ කියලා නෑ හිතුනේ මට නම් රත්තරනේ කිසිදා අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත් තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක් ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ මන් ගැනම වද වෙච්ච ඒ කාලයේ නොවෙනස්ව එකසේම ලග උන් මගේ අඩු වූයේ ඇයි ඔබට තිබු ඒ අගේ අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ ලබන්නට වාසනාවක් ...........................// නැතුවාට දැකගන්න ඉස්සර වගේ මග බලනවා තාම හුරුවට හිතේ සිහිවෙද්දි හැමදාම මතකේ අපේ එලිවෙන්නෙ රෑ වෙන්නෙ හිත ගින්දරේ අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත් තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක්

Song Details

Sinhala Title
ආත්ම ගානක්
English Title
athma ganak
මස

Artist

මිලින්ද සදරුවන්

View all songs →