සන්නාලියනේ සන්නාලියනේ

sannaliyane

Lyrics

සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ මේ පොඩි ඇඳුම වියන්නේ මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ ඊයේ ඉපදුණු කුළුඳුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ දිලිසෙන ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ සන්නාලියනේ සන්නාලියනේ සීතල හඳ එළියේ මැලැවුණු මුහුණින් වෙවුලන දෑතින් කාටද සළුව වියන්නේ සිතල සළුව වියන්නේ කණ කොක් තටුවේ සුදු මැලි පාටින් සිතල සළුව වියන්නේ කාටද සළුව වියන්නේ කණකොක් තටුවේ සුදු මැලි පාටින් සිතල සළුව වියන්නේ මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සළුව වියන්නේ

Song Details

Sinhala Title
සන්නාලියනේ සන්නාලියනේ
English Title
sannaliyane
Wඅ

Artist

W.D. අමරදේව

View all songs →