Lyrics
මගේ හදවත හැඳින ගත් ඔබ
කියූ එවදන් මට එපා
මගෙම කියලා දෑතින් අල්ලා
ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට
පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබෙ දෙනෙත් අබියස
වැරදි හෝ හමුවනු එපා....
ඔබ රකින්නට සැරසුනේ මා
නා රජෙක් සතු මැණික මෙන්
ඔබේ පසු පස මනෙතු රැඳුනේ
රකින්නයි ඔබ හැමදෙයින්
එත් ඔබටම එපා වූ මා
නැවත එන්නෑ ඔබ බලන්නට
රහසේ කුමරෙකු සිටිය ඔබ ගේ
ඔහුව රැකු මැන සෙනෙහසින්.......
සැක කලේ මා සැර කලේ මා
හදාගන්නයි හැමදෙයින්
මගේ කියල මගෙම සිතලා
ඔබට බැඳි ඒ ආදරෙන්
මටත් හොරා ඔබ තැනූ ලෝකය
සවිමත් අතු දැන් බිඳී ගිහින්
ඉතින් ලං වෙනු එපා ඔබ මට
නිම වෙනා තුරු මේ භවෙන්......
Song Details
- Sinhala Title
- මගේ හදවත හැඳින ගත් ඔබ
- English Title
- mage hadawatha
- Artist
- Unknown
U
Artist
Unknown
View all songs →