Lyrics
මා ආදරනීය මගේ අම්මා වෙතටයි
මේ ලියන්නේ අරක්ෂක කදවුරේ සිටයි
අපි ඉපදිලා ඉන්නේ අපේ රට රැක ගන්නයි
මා කැප උනේ ඒ යුතුකම ඉටුකර ලන්නයි
අම්මේ මා කැපවුනේ ඒ යතුකම ඉටුකර ලන්නයි
අව්ව වැස්ස රෑ දහවල් එකයින්නේ අපට
එකම සිතින් ඇවිත් ඉන්නේ අපි සේවයට
කිසිම බයක් දැනෙන්නේ නෑ කොහොමත් සිතට
සේවය කර නිමි කර මිස යන තුරු ලක්බිමට
මම සේවය කර නිමි කර මිස යන තුරු ලක්බිමට
මා ආදරනීය ....
වීර පුතුන් බිහිකර රට රකින්න පුදනා
අම්මාවරුන් පා යුග වැඳ පුදන්න උනා
අම්මේ ඔබ කළ සේවය සදහට අගනා
ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොදිනා
ලක් ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොදිනා
මා ආදරනීය ....
අම්මේ මම සිතුවේ මේ ලිපිය ලියන්න
මේ සටනෙන් මා මිය ගිය ඔන්න
මා මේහි නැති අඩුපාඩුව මකා දමන්න
බාල පුතත් හමුදාවට බාර කරන්න
ඔබේ බාල පුතත් හමුදාවට බාර කරන්න
මා ආදරනීය ....
Song Details
- Sinhala Title
- මා ආදරනීය මගේ අම්මා වෙතටයි
- English Title
- ma adaraneeya mage amma
- Artist
- ධනපාල උඩවත්ත
ධඋ
Artist
ධනපාල උඩවත්ත
View all songs →