ගිමන් හරින දියඹ දිගේ

giman harina diyaba dige

Lyrics

ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩෑසි සඳට රහස් කියනවා සද ආදරයෙන් අහස පුරා රටා මවනවා හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ නිල් කටරොළු නිල නැහැවුණු මල් බර මුදු සුව රැඳවුණු තොල්පෙති මල් ඵලදාලන ආදරයද මේ නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ ගිමන් හරින......

Song Details

Sinhala Title
ගිමන් හරින දියඹ දිගේ
English Title
giman harina diyaba dige
Wඅ

Artist

W.D. අමරදේව

View all songs →