බිංදු බිංදු මල් වැස්සේ

bindu bindu mal wasse

Lyrics

බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා ගලින් ගලට පා තබමින් දුවන්නට එපා ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් ඉපෙනවා වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා ආල හැඟුම් මං හින්දා..... ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා

Song Details

Sinhala Title
බිංදු බිංදු මල් වැස්සේ
English Title
bindu bindu mal wasse
එජ

Artist

එඩ්වඩ් ජයකොඩි

View all songs →